බෙංගාලය ගිනි ගනී - දැරියකගේ දූෂණ සිද්ධියෙන් පසු රට පුරා දැවැන්ත ප්‍රචණ්ඩත්වයක්

By Kanchana Jul 11, 2026 11:28 AM GMT
Report

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ 11 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කළ බව කියන සිද්ධියට එරෙහිව පැවති විරෝධතා අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී හා විනාශකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පොලිසිය සිකුරාදා නිවේදනය කළේය.

පොලිසිය සඳහන් කළේ, විරෝධතා අතරතුර කෝපයට පත් පිරිසක් විසින් අහිංසක පුද්ගලයෙකු ද ඝාතනය කර ඇති බවයි.

කොල්කටා නගරයට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි බරුයිපූර් ප්‍රදේශයේ මෙම දැරිය අතුරුදන් වී දිනකට පසු, ඉරිදා දිනයේ පොකුණක තිබී ඇයගේ මළ සිරුර සොයාගෙන තිබිණි.

එම සිද්ධියෙන් කෝපයට පත් ජනතාව මාර්ග අවහිර කරමින් වාහන කිහිපයකට ගිනි තැබූ බව ද වාර්තා විය. ප්‍රචණ්ඩකාරී හා විනාශකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන  ඇත.

තවත් සැකකරුවන් සමාජ මාධ්‍යවල පැතිර ගිය වීඩියෝ ඔස්සේ හඳුනාගෙන තිබෙනවා," යැයි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පොලිස් නිලධාරී අරවින්ද් කුමාර් ආනන්ද් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

මේ අතර, දැරිය දූෂණය කර ඝාතනය කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු වන ප්‍රභාස් මොන්ඩල් බදාදා අලුයම පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය සඳහන් කළේය.

විමර්ශන කටයුතු සඳහා අපරාධ ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ ඔහු පලා යාමට උත්සාහ කළ බැවින් වෙඩි තැබීමට සිදුවූ බව පොලිසිය පැවසීය.

එයාව මරන්න නැත්නම් ඕන දෙයක් කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම එයාගේ මිනිය ගෙදරට ගෙනියන්නේ නැහැ - නරුම පුතාගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි

එයාව මරන්න නැත්නම් ඕන දෙයක් කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම එයාගේ මිනිය ගෙදරට ගෙනියන්නේ නැහැ - නරුම පුතාගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි

මොන්ඩල්ගේ මව සිය පුත්‍රයාගේ දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින්, "ඔහු කිසිදු යහපත් දෙයක් කළේ නැහැ. ඔහු කළ පාපයට ඔහුට දඬුවම් ලැබී තිබෙනවා," යනුවෙන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත්, අනෙක් සැකකරුවන්ගෙන් එක් අයෙකුගේ පවුලේ සාමාජිකයන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වන අතර වැරදි අනන්‍යතාවයක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සෙසු සැකකරුවන් දෙදෙනාගේ පවුල් මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නොමැත. මැයි මාසයේ පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු බටහිර බෙංගාලයේ මහ ඇමති ධුරයට පත් සුවේන්දු අධිකාරි ප්‍රකාශ කළේ, ස්ත්‍රී දූෂණය හා ප්‍රචණ්ඩත්වය වැනි බරපතළ අපරාධ සිදුකරන්නන්ට මෙන්ම අහිංසක පුද්ගලයන්ට ප්‍රහාර එල්ල කරන අයට ද කිසිදු සහනයක් ලබා නොදෙන බවයි.

"මෙම නව රජය එවැනි අපරාධකරුවන් නීතියේ උපරිම බලය යටතේ නඩු පවරා යුක්තිය ඉටු කරන බව සහතික කරනවා," යැයි ඔහු X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කළේය.

මෙම සිද්ධියත් සමඟ ඉන්දියාවේ කාන්තා හා දැරියන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු නැවතත් දැඩි අවධානයට ලක්ව තිබේ. 2012 වසරේ දිල්ලි නුවරදී සිදුවූ සමූහ දූෂණය සහ තරුණියකගේ ඝාතනයෙන් අනතුරුව රට පුරා විරෝධතා රැල්ලක් මතුවූ අතර, ඉන් පසුව ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් දැඩි නීති රැසක් හඳුන්වා දෙන ලදී.

එසේම, 2024 වසරේ කොල්කටාවේ ආර්.ජී. කාර් වෛද්‍ය විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටි වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමෙන් පසුව ද බටහිර බෙංගාලය කාන්තා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අවධානයට ලක්වූ අතර, රට පුරා විරෝධතා ද හටගෙන තිබිණි