මහරගම තත්ත්වය බරපතළයි - ජනතාවට විශේෂ දැනුම්දීමක්
ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් ඇතුළු පුද්ගලයින් පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් ලක්ෂ 21ක දඩයක් නියම කර ඇත.
ඒ අනුව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා කියා ඇත්තේ දිනක් තුළ වාර්තා වූ වැඩිම දඩ මුදල මෙය වන බවයි.
සමාජ මාධ්‍යයේ සැරිසරන මේ ලින්ක් එක ක්ලික් කළාද? වහාම අමතා ඒ පිළිබඳව දැනුවත් කරන මෙන් සියලු දෙනාටම දැනුම්දීමක්
එසේම ඔහු පැවසුවේ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගත වූ දින කිහිපය තුළ පැවති ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ නිවාස පරික්ෂා කිරීම්වලදී ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන්ට එරෙහිව මෙලෙස අධිකරණය හමුවේ නඩු පැවරූ බවයි.
තවද ඉදිරියේදී ද ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මකවන බැවින් සිය නිවෙස් අවට පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගන්නා ලෙස මහරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබෙනවා.
ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්