මතුගම කළඹමින් වෙඩි ප්‍රහාරයක්
මතුගම නෑබොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. අද (11) දින පස්වරුවේ පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
මින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.
කෙසේ වෙතත් පොලීසිය සැක පළ කරනුයේ T 56 ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.