විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් අද(11) දින නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වන්නේ දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මේ රටේ ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙම ආණ්ඩුව දරනු ලබන්නා වූ ඉතාමත් පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධ විය යුතු බවයි.
එසේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන මෙම උත්සාහය සම්බන්ධයෙන් අද දිනයේදී විනිශ්චකාරවරුන්ගේ සංගමය විසින් මෙම තීරණයට විරුද්ධ විය යුතු බව සම්මත කොට ඇති බවද මෙම නිවේදනයේ දක්වා ඇත.
එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන අවශ්‍යතා මත ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ සේවකාලය දීර්ඝ කිරීමට දරන්නා වූ මෙම නිර්ලජ්ජිත උත්සාහයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ එකමුතු කොට හඬක් නැගිය යුතු බවට පසුගිය සතියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකතුමා විසින් රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබූ අතර එම කරුණ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ඉක්මන් අවධානය යොමු වනු ඇති බවට විශ්වාස කරන බවයි.
ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්
රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්
සම්පූර්ණ නිවේදනය පහතින්,