වාහනක ගැටී 10 දෙනෙකුට දිවි අහිමි කළ අනතුර.. ඒ අස්සෙ රියදුරයි පොලීසියයි වෙඩි තියාගෙන..

Report

අමෙරිකාවේ ඕර්ලින්ස් නගරයේ බර්බන් වීදියේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේ ය.

මෙම අනතුර ඕර්ලින්ස් හි බර්බන් වීදියේ ජනතාව අතරට ට්‍රක් රථයක් කඩා වැදීමෙන් සිදුව ඇත.

නව වසර පටන් ගන්නකොටම.. රන් මිල පැන්න පිම්ම හිතාගන්න පුළුවන් ද?. මිල ගණන් මෙන්න..

නව වසර පටන් ගන්නකොටම.. රන් මිල පැන්න පිම්ම හිතාගන්න පුළුවන් ද?. මිල ගණන් මෙන්න..

2024 ගෙවිලා 2025 පටන් ගත්තා විතරයි.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

2024 ගෙවිලා 2025 පටන් ගත්තා විතරයි.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

ඒ අමෙරිකාවේ වේලාවෙන් අද (01) අළුයම ය.

මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියයන්නට ඇති බව නගර බලධාරීන් සදහන් කර තිබෙනවා.

එමෙන්ම 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එම ට්‍රක් රථය අධික වේගයෙන් ජනතාව අතරට කඩාවැදී ඇති බව සදහන් වේ.

පසුව එහි රියදුරු රථයෙන් පිටතට ගොස් වෙඩි තැබීමට ද උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වෙතත්, එයට ප්‍රතිචාර ලෙසින් පොලීසිය ද ඔහු දෙසට වෙඩිතබා ඇති බව සදහන් වේ.

You May Like This Video👇 

.