වෛද්‍යවරු කම්පනයට පත් කරමින් නාසයෙන්, මුඛයෙන් සහ ගුද මාර්ගයෙන් පණුවන් ආ මාස 10 බිළිදා..? (VIDEO)
කොළඹ-ග්‍රෑන්ඩ්පාස්-ගැමුණු පටුමග ප්‍රදේශයේදී මොහොමඩ් අයූෆ් නමැති මාස 10 ක් වයසැති පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
5 වෙනිදා පස්වරුවේදී දරුවාගේ මවට අඩි 2 ක් පමණ දිග පණුවෙකු පැමිණෙන බව දරුවාගේ මව දුටුවා. බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.
දරුවා රෝහලට ගෙන යන විට දරුවාගේ නාසයෙන් අඩි 2 ක් පමණ දිග පණුවන් දෙදෙනෙක් එළියට ආවා.
මෙයින් පසු දරුවා මියගොස් ඇති බව රෝහල වාර්තා කරයි. බිළිඳාගේ මව පැවසුවේ දරුවා මල පහ කරන විට ඇගේ ගුද මාර්ගයෙන් පණුවන් එන බව මීට පෙර දුටු බවයි.
මෙම දරුවා සඳහා නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය නොකළේය. පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වූයේ මන්දපෝෂණය හා දරුණු කොකු පණු රෝගයෙන් දරුවා මියගොස් ඇති බවයි.
වසරකට අඩු දරුවෙකුගේ නාසයෙන්, මුඛයෙන් සහ ගුද මාර්ගයෙන් අඩි 2 ක් පමණ දිග කොකු පණුවන් පිටවීම විශ්වාස කළ නොහැකිය.
කොළඹ හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර කියා සිටියේ තම දරුවන්ගේ සෞඛ්‍ය ගැන දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
කොකු පනු රෝගය යනු කුමක්ද ඇතිවීමට හේතුව සහ රෝග ලක්ෂණ පිළිබඳ මනා අවබෝධයක් පහත වීඩියෝව මඟින් ඔබට ලබාගත හැක...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |