ඔබ ගම්පහෙද? – හෙට පැය 10ක් ජලය නැහැ!
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන පරිදි, ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව, හෙට උදෑසන 8:30 සිට සවස 6:30 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත. මෙම ජල කප්පාදුව පෑලියගොඩ, වත්තල, ජා-ඇළ, සීදුව යන නගර සභා බලප්‍රදේශවලට මෙන්ම, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලට බලපානු ඇත.
බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්ය බලශක්ති විදුලි පද්ධතිය ප්‍රධාන ජල සැපයුම් පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් මෙම ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
මෙම ජල කප්පාදුව හේතුවෙන් බලපෑමට ලක්වන ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය ජල ගබඩා කටයුතු කල්තියා සිදුකර ගන්නා ලෙසත්, ජල භාවිතය කාර්යක්ෂමව සිදුකිරීමට පියවර ගන්නා ලෙසත් ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටී.
එසේම, මෙම කටයුතු ඉක්මනින් අවසන් කර ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
