මාලදිවයිනට මෙරටින් බිත්තර මිලියන 1.5ක්
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Health Sri Lanka
Egg
By Hashini
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මෙරටින් බිත්තර මිලියන 1.5 මාසිකව මාලදිවයිනට අපනයනය කරන බවයි.
ලබන වසර වන විට තවත් රටවල් 4කට බිත්තර අපනයනය කිරීම සඳහා මේ වන විට සාකච්ඡා සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගන්නොරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවකට එක් වෙමින්.
ලබන ජනවාරියේ සිට බිත්තර නිෂ්පාදන වැඩි වී මෙරට බිත්තර මිල පහළට පැමිණෙනු ඇති අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා පවසනවා.
දෙසැම්බර් මාසය තුළ බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම මාසය දක්වා බිත්තර ආනයනය කරන අතර ඉන්පසු බිත්තර ආනයනයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි සඳහන් වන්නේ.
