බයත් හිතෙනවා.. ශිෂ්‍යාවන් 05 දෙනෙකු හදිසියේ රෝහල්ගත කළ හේතුව ..

Report

ගැබ්ගෙල පිළිකා (Hpv) වැළැක්වීම සඳහා දෙන එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් 05 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට – වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවන් පස්දෙනෙක්.

ජය පැරදුමෙ තීරණාත්මක දවස අදයි..

ජය පැරදුමෙ තීරණාත්මක දවස අදයි..

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ 7 ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබා දී තිබෙනවා.

එන්නත ලබා දී මඳ වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදි රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් ..

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් ..

එම රෝහලේ දී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

එම සිසුවියන් මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ අංක 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.