බාල වයස්කාර පාසල් සිසුවියන් 05ක් ඇතුළු පුද්ගලයින් 12ක් හදිසියේම අතුරුදහන්.

Sri Lanka Police Missing Persons Sri Lanka Sri Lankan Schools
By Wayomi Jun 12, 2023 06:47 AM GMT
Wayomi

Wayomi

Report

 පෙරේදා (10) දිනය තුළ පමණක් බාලවයස්කරුවන් 06 දෙනෙක් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙක් අතුරුදන්ව ඇති බවට පොලිස් ස්ථාන 08කට පැමිණිලි ලැබී තිබෙනවා.

එලෙස අතුරුදන්ව ඇත්තේ, කාන්තාවන් 07 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙක්.

ඔවුන් අතර සිටින බාලවයස්කරුවන් 06 දෙනාගෙන් 05 දෙනෙකුම බාලවයස්කාරියන්ය.

මේ අතරින් මඩාටුගම පොලිස් ස්ථානයට පමණක් බාලවයස්කාරියන් 03 දෙනෙක් අතුරුදන්ව ඇති බවට පැමිණිලි ලැබී ඇති අතර වයස අවුරුදු 15ක නොච්චියාගම පදිංචි සිසුවියක්, වයස අවුරුදු 16ක තලාවේ පදිංචි සිසුවියක් සහ වයස අවුරුදු 17ක් වන පොලොන්නරුවේ පදිංචි සිසුවියක් මෙසේ අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මෙම දැරිවියන් අධිකරණ නියෝග මත සහතික කළ පාසලක රඳවා සිටි අය බව පොලිසිය පවසන්නේ.

මේ හැරුණුකොට කහතුඩුව සහ කෑගල්ල පොලිස් ස්ථානවලට පුද්ගල අතුරුදන් වීම් පැමිණිලි 02ක බැගින් 04ක් ලැබී ඇති අතර සෙසු පැමිණිලි ලැබී ඇත්තේ කොස්ලන්ද, වැල්ලවත්ත, දොම්පේ, ඉපලෝගම සහ කලවාන යන පොලිස් ස්ථානවලටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW