අලුත් අවුරුද්දෙන් පසුව දැවැන්ත වෙනසක්?.

Sri Lanka Police STF Deshabandu Tennakoon Latest Headlines Decision Making
By krishani Apr 14, 2024 05:14 PM GMT
krishani

krishani

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

අලුත් අවුරුද්දෙන් පසුව දැවැන්ත වෙනසක්?. | Yukthiye Meheyuma In Sri Lanka

ඒ මෙරට මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දනයට යොදවා ඇති පොලිස් මෙහෙයුම් අවුරුදු සමයෙන් පසුව දෙගුණ කිරීමට පියවර ගන්නා බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රථවාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරින් හමුවීමට අද (14) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී ය.

හෙට නිවාඩු ද නැද්ද?. හරියටම දැනගන්න.. මේ ඒ ගැනයි..

හෙට නිවාඩු ද නැද්ද?. හරියටම දැනගන්න.. මේ ඒ ගැනයි..


එහිදී අදහස් දැක් වූ පොලිස්පතිවරයා,

"අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීමේ කාර්‍ය අතිශය සාර්ථක වෙලා තිබෙනවා. සිංහල අවුරුද්දෙන් පස්සේ පාතාල මර්දනය සම්බන්ධයෙන් මෙහෙයුම්වල ස්වභාවය තවත් තීව්‍ර කරනවා. පොලිසිය සතුව ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් තිබෙනවා. එයින් මුදා හැරලා තියෙන්නේ සුළු ප්‍රමාණයයි අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්.මම අවශ්‍ය වුණොත් ඒක දෙගුණ තෙගුණ කරලා පොලිසියේ කාර්‍යක්ශමතාවය අඩු සහ ඵලදායිතාවය අඩු සමහර අංශ නවත්තලා ඒ නිලධාරීන්වත් මේ මෙහෙයුම් සඳහා යොමු කරනවා."