ජනප්‍රිය YouTube තරුවකට සිරදඬුවම් නියම වෙයි.. (PHOTOS)
ජනප්‍රිය යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකුට අමෙරිකානු අධිකරණයක් විසින් සිර දඬුවමක් ලබාදී තිබෙනවා.
ඒ මාස 6ක සිර දඬුවමක් ය.
මෙලෙස සිර දඬුවම් නියමව ඇත්තේ Trevor Jacob නමැති යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකුටයි.
2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහුගේ නාළිකාවේ පළකළ වීඩියෝවකට අදාළව මෙලෙස අධිකරණය ඔහුට දඬුවම් නියම කර ඇත.
ඒ අනුව Trevor Jacob ගමන් කරමින් සිටින සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙනා අන්දම එම වීඩියෝවේ සඳහන් වේ.
එම වීඩියෝවේ ඔහු සඳහන් කරන්නේ එය අනතුරක් බවත් සැහැල්ලු යානය කඩාවැටීමට පෙර Trevor Jacob ඉන් පිටවන අතර එහිදී ඔහු සෙල්ෆි කැමරාව ක්‍රියාත්මක කර එම සිදුවීම පටිගත කර ඇත.
එය සමාජ මාධ්‍ය හරහා අතිශය කතාබහට ලක් වීය.
එමෙන්ම, එයට එරට බලධාරීන් විසින් එම අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ මෙය සිතාමතා සැලසුම් කරන ලද අනතුරක් බවයි.
කෙසේ වෙතත්, ඒ අනුව අධිකරණය විසින් ඔහුට මාස 06ක සිරදඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
