එක්දින ශ්‍රේණිගත කිරීම්වල කුසල් පළමු දහදෙනා අතරට

Report

කුසල් මෙන්ඩිස් ICCය මඟින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතරට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ජයග්‍රහනයට හේතු වී ඇත්තේ ඊයේ (8) දින අවසන් වූ තරගාවලියේ දී බංග්ලාදේශයට විරුද්ධව ඔහු දැක් වූ දක්ෂතා බව සඳහන්.

එහිදී කුසල් මෙන්ඩිස්ට ශතකයක්, අර්ධ ශතකයක් සමගින් ලකුණු 225 (124, 56, 45)ක් රැස්කිරීමට හැකියාව ලැබුණි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

එම සමත්කමත් සමඟ ඔහු 20වන ස්ථානයේ සිට ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා නායක චරිත් අසංකද 8 වන ස්ථානයේ සිට තවත් ස්ථාන 2ක් ඉදිරියට ගොස් 6වන ස්ථානයේ රැඳී සිටීමට සමත් වී ඇත.

ඒ අනුව ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වේ.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

එසේ වුවද බංග්ලාදේශයට විරුද්ධ ටෙස්ට් තරගාවලියේ දී සාර්ථක වූ පැතුම් නිස්සංක, ටෙස්ට් තරගාවලියේ දී අසාර්ථක වූ නිසා ස්ථාන 6කින් පහළට ගොස් 20වන ස්ථානයට පත්ව ඇති බව පවසයි.

එසේම වර්තමාන එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ඉන්දියාවේ ශුබ්මන් ගිල් විසින්ද, දෙවන ස්ථානය බාබර් අසාම් විසින්ද හිමිකරගෙන ඇත.

එසේම එහි තෙවන ස්ථානය ඉන්දියාවේ රෝහිත් ශර්මාට හිමිව ඇත.

ඉදිරියට බොන්න වතුර ටිකක්වත් නැතිවෙයි? විශේෂ දැනුම් දීමක්

ඉදිරියට බොන්න වතුර ටිකක්වත් නැතිවෙයි? විශේෂ දැනුම් දීමක්