X හි CEO ලින්ඩා යැකරීනෝ X සටහනක්ම තියලා ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ලින්ඩා යැකරීනෝ, ඉලොන් මස්ක්ට අයත් X (හිටපු ට්විටර්) සමාජ මාධ්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉල්ලා අස්වන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ.
ලින්ඩා යැකරීනෝ මෙම තීරණය ගෙන ඇත්තේ වසර දෙකක සේවා කාලයකින් පසුවයි.
ඒ අනුව ඇය තම ඉල්ලා අස්වීම X වේදිකාව තුළන්ම සටහනක් තබා දැනුම් දීමට කටයුතු කර ඇත.
එසේ මෙය අස්වීමක් ආකාරයට පෙන්නුම් කළ ද සමාගම තුළ ඇතිවූ ප්‍රශ්නයකින් අනතුරුව ඉලොන් මස්ක් ඇයව එළවා දමා ඇති බවද වාර්තා වේ.
මේ අතර සිය සේවා කාලය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති යැකරීනෝ සඳහන් කර ඇත්තේ "නිදහස් භාෂණය සුරැකීම, සමාගම පරිවර්තනයකට ලක් කිරීම සහ X යනු 'සෑම දෙයකටම වූ යෙදවුමක්' (Everything App) බවට පත්කිරීමේ" දැවැන්ත වගකීම තමා වෙත පැවරීම පිළිබඳව ඉලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කරන බවයි.
කෙසේ වෙතත් ඇගේ ඉල්ලා අස්වීමේ නිවේදනය ඉලොන් මස්ක්ගේ කෘත්‍රිම බුද්ධි චැට්බොට් වැඩසටහනක් වන 'Grok' විසින් යුදෙව්-විරෝධී අදහස් සහ හිට්ලර් සම්බන්ධ මතභේදාත්මක සඳහනක් සිදු කිරීමෙන් දිනකට පසුව නිකුත් වීම විශේෂත්වයක් වේ.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි
පහුගිය දිනවල ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් පළවූ සටහන්වලට ප්‍රතිචාර වශයෙන් Grok මෙම ප්‍රකාශ සිදුකර තිබුණා.
ඒ අනුව නිල නොවන වාර්තා සඳහන් කරන්නේ ඉලොන් මස්ක් මෙම ප්‍රකාශය නිසා කුපිත ඇති බවත් ඇයගේ ඉවත්වීම පසුපස මෙම සිද්ධිය ඇති බවත් ය.
ට්විටර් සමාගම ඉලොන් මස්ක් මිලදී ගත් පසු 2023 වසරේදී යැකරීනෝ X සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කර ඇත්තේ බිඳ වැටෙමින් තිබූ එහි වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය යළි ගොඩනැංවීමේ ප්‍රධාන අරමුණෙන් බව සඳහන්.
එසේම ඇය මින් පෙර NBCUniversal සමාගමේ ගෝලීය වෙළඳ ප්‍රචාරණ අංශයේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කර ඇති අතර, X සමාගම තුළදී පරිශීලක ආරක්ෂාව, විශේෂයෙන්ම ළමා ආරක්ෂාව තහවුරු කිරීමට සහ වෙළඳ දැන්වීම්කරුවන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට ප්‍රමුඛත්වයක් දී ඇත.
තවද ඉලොන් මස්ක් ප්‍රසිද්ධියේ වෙළඳ ප්‍රචාරකයින්ව විවේචනය කළ විටදී පවා, යැකරීනෝ ඔහුගේ සහ සමාගමේ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් නිරතුරුවම පෙනී සිටි බව සඳහන්.
එසේ වුවත් ඇගේ මෙම ඉල්ලා අස්වීමට නිශ්චිත හේතුවක් ඉදිරිපත් කර නැති අතර, ඇගේ අනාගත සැලසුම් සම්බන්ධයෙන්ද කිසිවක් අනාවරණය කර නැති බව පවසයි.
ඊට අමතරව ලින්ඩා යැකරීනෝගේ මෙම ඉල්ලා අස්වීමේ සටහනට ප්‍රතිචාර වශයෙන් ඉලොන් මස්ක්, "ඔබගේ දායකත්වයට ස්තූතියි" යනුවෙන් ඉතා කෙටි සටහනක් පමණක් තබා ඇති බව සඳහන්.

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි
