යොහානිට එරෙහිව පිරිසක් යුද ප්‍රකාශ කරයි!. බරපතල ප්‍රශ්ණයක් වෙයි..

India Sri Lanka army Yohani de Silva Peasants de Silva
By Aruna Oct 04, 2021 09:33 AM GMT
Aruna

Aruna

Report

යොහානි ද සිල්වා ලොව පුරා ජනප‍්‍රිය වීමත් සමඟ ඇගේ පියා වන ප්‍රසන්න ද සිල්වා මහතා යුද අපරාධරුවකු බව කියමින් කොටි හිතවාදී කණ්ඩායම් ඇයට එරෙහිව විවිධ ප‍්‍රචාර පැතිරවීම ආරම්භ කර තිබේ.

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයන් ට්විටර් හරහා මෙවැනි ප‍්‍රකාශ පළකර තිබේ.

ශ‍්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊළාම් දෙමළ ජනතාව යොහානිද සිල්වාට සහය නොදිය යුත්තේ ඇගේ පියා යුද අපරාධකරුවකු නිසා බව එක් ට්විටර් පණිවුඩයක සටහන් විය.

තවත් පණිවුඩයක සඳහන් වූයේ යුද අපරාධකරුවෙකුගේ දියණියක වන යොහානිගේ ජනපි‍්‍රයතාවය බරපතළ ප‍්‍රශ්නයක් බවයි.

කොටි හිතවාදී කණ්ඩායම් මෙවැනි ප‍්‍රකාශ සිදුකරන්නේ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් යොහානිට වසඟවී ඇති නිසාය.

ඉන්දියාවේ දකුණු දිග ප‍්‍රාන්තවල තමිල්නාඩුවේ කේරළයේ පවා මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනපි‍්‍රය වී ඇත.

යොහානි දිල්ලියේ මෙන්ම හයිද්‍රාබාදයේ ද පැවැත්වූ ප‍්‍රසංග ඉතා සාර්ථක වී තිබේ.

කොටි හිතවාදී සුළුතරයකගේ ප‍්‍රචාර දෙස් විදෙස් හී වෙසෙන කෝටි සංඛ්‍යාත යොහානිගේ රසිකයන් පිළිනොගන්නා බව පැහැදිලිය.

අපේ රටට අභිමානය ගෙනදෙන යොහානිගේ පියා වන ප්‍රසන්න ද සිල්වා මහතා අපේ රටට අද්විතීය මෙහෙවරක් ඉටුකළ සෙන්පතියෙකු වීම දෙමළ ඩයස්පෝරාවේ මේ නෝක්කාඩුවට හේතු වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha