ලොවම පුදුම කරමින් යමුනා නදිය පෙන ගොඩක් වෙයි(PHOTOS)

India Climate Change Latest Headlines
By Sewvandhi Oct 20, 2024 09:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

පරිසරවේදින් පවසන්නේ, මෙම පෙණ මතුවීමට හේතුව ඇමෝනියා සහ පොස්පේට් විශාල වශයෙන් යමුනා ගංගාවට එක්වීම බවයි.

එළැඹෙන නොවැම්බර් මස 5 වැනිදාට යෙදී ඇති ඡත් පූජාව හෙවත් සූර්ය වන්දනාව වෙනුවෙන් හින්දු බැතිමතුන් යමුනා නදියේ ස්නානය කරන අතර යමුනා නදිය අතිශයින් අපවිත්‍ර වීම හේතුවෙන් මෙවර එම උත්සවයට බාධා මතුවිය හැකි බව වාර්තා වනවා.

එහි ඡායාරූප පෙළක්‌ පහතින්..

GalleryGallery