ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරික අදානිට වුණ දෙයක්.. බෑණනටත් එක්කම..
අමෙරිකාවේ සුරැකුම්පත් සහ විනිමය කොමිසම විසින් ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිට සිතාසි නිකුත් කර තිබෙනවා.
ඒ ඔහුට එල්ල වී ඇති අල්ලස් චෝදනාවලට අදාළවයි.
එමෙන්ම ඔහුගේ බෑණනුවන් වන 'Adani Green'හි විධායක අධ්‍යක්ෂ සාගර් අදානිට ද එම චෝදනා සම්බන්ධයෙන් සිතාසි නිකුත් කර ඇත.
ඒ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තම සමාගම වෙත ලබාගැනීමේ අරමුණින් ඉන්දීය නිලධාරීන් වෙත අල්ලස් ලබා දී ඇති බවටයි.
එමෙන්ම,අමෙරිකානු ආයෝජකයින් ඇතුළු ජාත්‍යන්තර ආයෝජකයින් මුලාකර ඇති බවටත් යන චෝදනාවලටත් අදාළව වේ.
ඒ අනුව දින 21 තුළ නිව්යෝර්ක් හි අධිකරණයක් වෙත වාර්තා කරන ලෙසට අමෙරිකාව ඔවුන්ට නියෝග කර ඇත.
You May Like This Video 👇
.