ipl ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම මිල වාර්තා වෙයි..බලන්නකෝ කවුද මෙච්චර ගණන් උස්සල තියෙන්නේ කියලා...

By Sewvandhi Nov 24, 2024 11:23 AM GMT
Report

අද (24) ආරම්භ වූ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලකට අලෙවි විය.

මෙය අයි.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට අදාළ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 24.75කට අලෙවි විය.

You may like this video