යාල යන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්
යාල ජාතික වනෝද්‍යානය සෑම දිනකම පැය 2ක කාලයක් සංචාරකයන් සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
මෙය උණුසුම් කාලගුණය හේතුවෙන් වන සතුන්ට සිදුවන පීඩාව අවම කිරීමේ අරමුණින් සිදු කෙරේ.
ඒ අනුව, මධ්‍යහන 12.00 සිට පස්වරු 2.00 දක්වා වනෝද්‍යානය වසා තබන බව වාර්තා වේ.
වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ, එම කාලය තුළ පැමිණෙන සංචාරකයන් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බවයි.