යාල්දේවී දුම්රිය හෙට සිට නැවත ධාවනය ආරම්භ කරයි
By Mithu
කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී දුම්රිය හෙට (මැයි 11) දින සිට නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු දුම්රිය මාර්ගයේ සිදුකළ නඩත්තු කටයුතු හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මෙම දුම්රිය සේවය මගී ජනතාවගේ ඉල්ලීම පරිදි සතියේ දින කිහිපයක් සඳහා මෙලෙස යළි ක්රියාත්මක කෙරේ.
නව කාලසටහනට අනුව යාල්දේවී දුම්රිය කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන්නේ සතියේ සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණි.
කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා එම දුම්රිය යළි ධාවනය වන්නේ අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ ඉරිදා යන දිනවලය.
සුවපහසු මගී සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙම දුම්රිය වායු සමනය කළ (AC) පළමු පංතියේ මැදිරි හතරකින් සමන්විතව ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.