එක්ස් එල් බුලි සුනඛයන්ට බ්‍රිතාන්‍යයෙන් තහනමක්.

By Hashini Sep 18, 2023 06:56 AM GMT
Report

ඇමරිකන් එක්ස් එල් බුලි සුනඛයන් ඇති දැඩි කිරීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය විසින් තීරණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම සුනඛයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මෙම සුනඛයන්ගේ සපා කෑමෙන් කුඩා දරුවන් ඇතුළු කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවටද බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ සුනඛ පනතට අනුව මෙම සුනඛයන් ඇති කිරීම තහනම් කිරීමට නීති සම්පාදනය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දැනට ඇති දැඩි කරන එම වර්ගයේ සුනඛයින් මියයන තුරුම රැක බලා ගත යුතු බවයි.