ගොවීන්ට දුන් පොහොරවල පණුවන් - පනුවා ගැන හොයන්න විශේෂ විමර්ෂන..

Mahinda Amaraweera Ministry of Agriculture
By Sewvandhi Jan 28, 2023 02:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදුන් යූරියා  පොහොරවල පණුවන් වාර්තාවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත. 

රජයේ පොහොර සහනාධාරය යටතේ හිමිවන යූරියා පොහොර තුළ පණුවන් සිටින බවට මහවැලි B කලාපයේ දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් කිහිපදෙනෙකුම පෙන්වා දී තිබුණි.

ඒ අනුව, මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් ද මේ පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණ තිබේ. පසුව එම පොහොර සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

කෙසේවෙතත් යූරියා යනු ඇමෝනියා බහුල රසායනික පොහොරක් බවත්, ඒ තුළ කිසිදු ජීවියෙකුට පැවතිය නොහැකි බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


ReeCha