අද ලෝක වනජීවි දිනයයි
ගහකොළ සතා සීපාවගෙන් ද ඇළ දොළ ගංගාවන්ගෙන් ද පිරිසිදු වාතාශ‍්‍රයෙන්ද සාරවත් පොළවකින්ද තොරව මිනිසාගේ පැවැත්ම ගැන සිතිය නොහැකිය. අපට ජීවත් වීමට ඇවැසි හුස්ම පොද ලබා දෙන්නේද ජලය සහ ආහාර ලබා දෙන්නේද ඉඳුම් හිටුම් සහ බෙහෙත් හේත් ලබා දෙන්නේ ද ස්වාභාවික පරිසරයයි.
එවන් වූ ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය වාර්ෂිකව යොමු කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් දිනයන් ගණනාවක් ප‍්‍රකාශයට පත් කර තිබේ.
ලෝක වනජීවී දිනය අදට (03) යෙදී තිබෙන අතර එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කළේය.
මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, අධ්‍යාපනිකම වටිනාකම් අගැයීමට ලක් කරමින් මෙම දිනය ප්රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.
ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප‍්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත්, වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කිරීම මෙම දිනයෙන් බලාපොරොත්තු වේ.
ලෝකයේ වනජීවි සම්පත දිනපතා ලක්ෂ ගණනින් මිනිසාගේ භාවිතය සඳහා විනාශයට පත් වේ. ආහාර, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත්, රූපලාවන්‍ය, මෝස්තර, පාරිසරික සංචාරය සහ විනෝදාස්වාදය සඳහා මෙලෙස වනජීවීන් විනාශයට පත් වන අතර ජීවී විශේෂ දස දහස් ගණනින් දෛනිකව ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳාමට ද යොදා ගැනේ.
ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප‍්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත් වනජීවී සම්පත මිනිසාගේ පැවැත්ම උදෙසා ලබා දෙන්නා වූ දායකත්වය පිළිබඳවත් ලෝක ජනතාව දැනුවත් කර ඔවුන් වනජීවී සංරක්ෂණය කෙරෙහි නැඹුරු කරවීම එක්සත් ජාතීන් විසින් ලෝක වනජීවි දිනය ප්රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය විය.
