ලෝක ජල දිනය අදයි

By Kanchana Mar 22, 2026 04:03 AM GMT
Report

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනුව 1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සමරනු ලබයි.

 ඒ වගේම පිරිසිදු පානීය ජලය, මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සැලකේ .

මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 ඉක්මවූ පිරිසකට පිරිසිඳු පානීය ජලය නොලැබෙන බවට අනාවරණ වී ඇත ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලින් බව එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව වාර්තා කර තිබේ .

තවද ගංගා, වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර අසල්වැසි රටවල් සමග බෙදාගන්නා රටවල් සංඛ්‍යාව 153 ක් බව වාර්තා වේ.

ජලය සම්බන්ධව ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයක් වන්නේ මෙරට ජනගහනයෙන් ද, පිරිසිඳු පානීය ජල සැපයුමක් හිමිවන්නේ, 62 % කට ආසන්න පිරිසකට වන අතර අවිධිමත් සංවර්ධනය හා වන හානිය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීමයි.

මේ හේතු  කාරණා  නිසා අපේ වගකීම වනුයේ ජලය අර පිරිමැස්මෙන් භාවිතා කිරීම මෙන්ම අපවිත්‍ර ආදිය එක් නොකර ආරක්ෂා කිරීමයි