"කොහේහරි ගැටලුවක් එනවා නම් අපි සූදානම්" - ඇමති සමන්ත

Report

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න හැකි රජයක් තමන් ඇතුළු කණ්ඩායම සකස් කර තිබෙන බවත්, ඉන්ධන සොයා ගැනීමට රජයට හැකියාව පවතින බවත් වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තු සභාවාරය අතරතුර මෙම අදහස් පල කළ ඔහු, රජයේ අරමුණ විපක්ෂයේ විශ්වාසය ගොඩනැගීම නොව ජනතාවට හොඳ විශ්වාසයක් ගොඩනැඟීම බව ද අවධාරණය කළේය.

"රනිල් වික්‍රමසිංහ ලොක්කා මාර චාන්ස්කාරයා.. 68 ලක්ෂේ ගහනකොට කටාස් ගාලා සාපයක් වඳිනවා.." - හරීන්

"රනිල් වික්‍රමසිංහ ලොක්කා මාර චාන්ස්කාරයා.. 68 ලක්ෂේ ගහනකොට කටාස් ගාලා සාපයක් වඳිනවා.." - හරීන්

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“මේ රටේ ජනතාවට පණිවිඩයක් දෙන්න කැමති මම. ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න පුළුවන් අපි රජයක් සකස් කරලා තියෙනවා. දැවැන්ත අර්බුද පහුගිය දවස්වල ආවා. ඒවාට මුහුණ දුන්නා. අපිට ඉන්ධන හොයාගන්න පුළුවන්. ඔබ තමුන්නාන්සේලා තේරුම් ගන්න මොන අර්බුදය ආවත් මේ රටේ ජනතාව නැමැති ඉන්ධනය අපි ගාව ඉන්නකම්, ජනතාවම එක තේරුම් ගන්නකම් ඔබතුමාලා දැඟලුවට වැඩක් වෙන්නේ නෑ. ඔබතුමාලා ප්‍රතික්ෂේප වෙච්ච ගානට වැටිලා තියෙන්නේ. එහෙනම් මේ රටේ ජනතාවට අපි විශ්වාසයක් හදනවා. ජනාධිපතිතුමත් රජයත් මේ රටේ ජනතාවට වෙලා තියෙන දේ, වෙච්ච දේවල්, ගත්ත තීන්දු, බැරි වෙච්ච දේවල්, ඒවට විකල්ප ගත්ත තීන්දු අදත් හොඳින් පැහැදිලි කළා. ඒක නිසා ජනතාවට හොඳින් විශ්වාසයක් තියෙනවා. ඔබට විශ්වාසයක් හදන්න අපිට අවශ්‍ය නැහැ. මේ රටට විශ්වාසයක් හදලා තියෙනවා. මේ රජය මේක කළමනාකාරණය කරගන්නවා විතරක් නෙවෙයි, මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු එකින් එක ඉශ්ට කරමින් අපි ඔබේ පොරොන්දු ඉශ්ට කරන්න සූදානම්.”

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

"අපි තර්ජනවලට භය නැහැ" - ට්‍රම්ප්ගේ පැය 48ක අනතුරු ඇඟවීමට ඉරානයෙන් දැඩි පිළිතුරක්

"අපි තර්ජනවලට භය නැහැ" - ට්‍රම්ප්ගේ පැය 48ක අනතුරු ඇඟවීමට ඉරානයෙන් දැඩි පිළිතුරක්