ඉහළ යන බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

Report

බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඊට අදාළ ගණනය කිරීම් මේ වන විටත් සිදුකරමින් පවතින බවත්, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම සංශෝධනය අනිවාර්ය බවත් කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට පෙර ඉන්ධන ගාස්තු කිහිප වරක් ඉහළ ගිය නමුත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීම බස් රථ හිමියන් අතර දැඩි අසතුටක් ඇති කර තිබුණි.

දරුණු ප්‍රවාහන අර්බුදයක් - පෞද්ගලික බස් 90%ක් ධාවනයෙන් ඉවතට

දරුණු ප්‍රවාහන අර්බුදයක් - පෞද්ගලික බස් 90%ක් ධාවනයෙන් ඉවතට

මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ, අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල සියයට 31කින් ඉහළ දැමීමත් සමඟ බස් රථ ධාවනයේ පිරිවැය දැඩි ලෙස වැඩි වී ඇති බව සංගමය පෙන්වා දෙයි.

අද දිනයේදී බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මහජනතාවගේ දෛනික ගමන් බිමන්වලට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ද සංගම් නියෝජිතයෝ පවසති.

කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

අද දවසේ මේ දේවල් මගහරින්න - ලග්න අනුව අනාවැකි

අද දවසේ මේ දේවල් මගහරින්න - ලග්න අනුව අනාවැකි