"රනිල් වික්‍රමසිංහ ලොක්කා මාර චාන්ස්කාරයා.. 68 ලක්ෂේ ගහනකොට කටාස් ගාලා සාපයක් වඳිනවා.." - හරීන්

Report

වත්මන් ආර්ථික අර්බුදය පවතින විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියේ නම් ඔහු රට ‘නාගන්නා’ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළ අතර, එය රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ වරමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඉහළ යන බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

ඉහළ යන බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

“රනිල් වික්‍රමසිංහ ලොක්කා මාර චාන්ස්කාරයා. කොවිඩ් එද්දි හිටියෙත් නෑ. මේ ප්‍රශ්නේදී හිටියා නම් මොන නෑමක්ද නාන්නේ. ඔය ලොකු බලයවල් ගන්නවා නේද? 68 ලක්ෂෙම භයානකයි. 68 ලක්ෂේ ගහනකොට කටාස් ගාලා සාපයක් වගේ වැදිලා යනවා…”

යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ප්‍රකාශ කළේ, රට ගොඩනැගූ නායකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබූ බවත්, එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය යන පක්ෂ දෙක ඒකාබද්ධ වී ජන්දයට ඉදිරිපත් වීම වෙනුවෙන් තමන් පෞද්ගලිකව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ගෙන සාකච්ඡාවක් පැවැත්වීමට ගිය නමුත් එය අසාර්ථක වූ බවත්ය.

කෙසේ වෙතත් තමා ඇතුළු කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා ලැබූ ජන්ද ප්‍රමාණය සම්බන්ධයෙන් සතුටු වන බව ද ඔහු කීවේය.

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

"අපි තර්ජනවලට භය නැහැ" - ට්‍රම්ප්ගේ පැය 48ක අනතුරු ඇඟවීමට ඉරානයෙන් දැඩි පිළිතුරක්

"අපි තර්ජනවලට භය නැහැ" - ට්‍රම්ප්ගේ පැය 48ක අනතුරු ඇඟවීමට ඉරානයෙන් දැඩි පිළිතුරක්