ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට රජයේ අවධානය
වත්මන් බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහාය ලබමින් ත්‍රිකුණාමලයේ දෙවන ලෝක යුද්ධ සමයේ ඉදිකළ තෙල් ටැංකි නැවත සංවර්ධනය කිරීමට කඩිනම් කරමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය බලශක්ති අර්බුදයට “ස්ථිර විසඳුමක්” බවත්, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහාය දක්වන බවත් ඔහු ඊයේ(21) ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවකදී කීවේය.
“තාවකාලික විසඳුම් තිරසාර නොවේ. ගෝලීය බලශක්ති තත්ත්වය අනුව තෙල් ගබඩා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් දිගුකාලීන උපාය මාර්ගයක් අපට අවශ්‍යයි”
යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය තුළින් ත්‍රිකුණාමලයේ පිහිටි පැරණි තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කිරීමෙන් රටේ ඉන්ධන ගබඩා ධාරිතාව වැඩි කිරීම, ආනයන රටවල් මත රඳා පැවතීම අඩු කිරීම සහ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීම බලාපොරොත්තු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති අතර, එහිදී තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා ගැනීමට සාකච්ඡා මේ වන විටත් පවත්වාගෙන යන බව ද විදේශ අමාත්‍යවරයා අනාවරණය කළේය.