රජය මිල ගණන් වැඩිකරලා, ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ අපිටත් වැඩි කරන්න වෙනවා ත්‍රිරෝද රථ සංගම් වලින් රතු එළියක්

Report

මේ වනවිට රජය මගින් ඉහළ දමා තිබෙන පෙට්‍රල් මිල සැලකිල්ලට පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා තිබේ.

 ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මේ බව අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කර ඇත

ඉහළ යන බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

ඉහළ යන බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

තව දුරටත් ඔවුන් සදහන් කළේ මෙවන් අදහසක්

"අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ සේවාවට විශාල ගැටළුවක්. අපේ සේවාව කරන්න තෙල් නෑ ඒ මදිවට රජය මිල ගණන් වැඩිකරලා. ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ. අපි යෝජනා කරනවා ත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 20ක් වැඩි කරන්න. මේ පිළිබඳව කටයුතු කරන්න පුලුවන් මීටර භාවිතා කරන රියදුරන්ට පමණයි. පව වතින තත්ත්වය ගැන කියන්න ළඟදීම ජනාධිපති ලේකම් කාර්යාලයට එනවා"   

සිනොපෙක් සුපර් ඩීසල් මිලත් අහස උසට

සිනොපෙක් සුපර් ඩීසල් මිලත් අහස උසට