ලොව කොවිඩ් මරණ එකතුව අනූව ශ්‍රී ලංකාවට හිමිවූ තැන

Covid 19 WHO Sri lanka covid data analyisis
By Sithumi Aug 17, 2021 05:05 PM GMT
Sithumi

Sithumi

Report

දෛනික කොවිඩ් මරණ, සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණ ද යන්න සැලකීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව වර්ල්ඩොමීටර්ස් වෙබ් අඩවියේ දැක්වේ.

ජනගහනයට සාපේක්ෂව සැලකීමේදී ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ ඉරානය හා මැලේසියාව පමණක් වුවද එම රටවල කොවිඩ් මරණ අනුපාතයත් ශ්‍රී ලංකාවේ අනුපාතයට සමාන වීම විශේෂත්වයකි. අඛණ්ඩව 05 වන දිනටත් දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 150 සීමාව පසු කරමින් අගෝස්තු 15 වනදා සිදුවූ කොවිඩ් මරණ 167 ක් රජය ඊයේ (16)වාර්තා කළේය. 

 ගෙවුණු දින 07 තුළ රජය වාර්තා කළ දෛනික ආසාදිතයින් ගණනට සාපේක්ෂව සිදුව ඇති දෛනික කොවිඩ් මරණ සැලකීමේදී තවදුරටත් එම ප්‍රතිශතය සියයට 5ට ආසන්නව පවතී. ඉකුත් අගෝස්තු 9 වනදා සියයට 3.9ක පැවති එම අගය සෙසු දිනවල 4.2ක්,5.2ක්,5.1ක් හා 5ක් වශයෙන් ප්‍රතිශත වාර්තාවිය. අගෝස්තු 14 හා 15 එම අගය පවතින්නේ පිළිවෙළින් සියයට 4.9 ක් හා සියයට 4.8ක් ලෙසය. 

 පසුගිය අප්‍රේල් මස ආරම්භ වූ කොවිඩ් තුන්වන රැල්ලේදී ආසාදිතයින් අතර බහුලවම ව්‍යාප්තව තිබුණේ ඇල්ෆා හෙවත් බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදයයි. කෙසේවෙතත් පසුගිය මැයි හා ජූනි මාසවලදී ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කෙරුණි. 

අද වනවිට මෙරට මූලික ප්‍රභේදය බවට පත්ව ඇති ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රධාන විකෘතීන් තුනක් මෙරටින් හඳුනාගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ විය. ඒ, SA222V , SA701S හා SA1078S යන විකෘති ත්‍රිත්වයයි


------------------- You May Like this Video-----------------------------

covid වැළඳුණු කාන්තාවක් මරණය අභියස හඬාවැටුණු හැටි - සංවේදී වීඩියෝව  ?



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now