බලශක්ති ඇමති ගැම්මට තෙල් මිල ගැන දුන්න ටෝක් එක, අඩු කරන්න අපිත් ආසයි ඒත් කෝ බෑනේ
හිටපු රජය මඟින් අත්සන් කරන ලද ගිවිසුම් නිසා ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා දැනුම් දී ඇති ආකාරයට ඉන්ධන මිල අඩු කිරීමක් කළහොත් අඳාළ සමාගම් වෙත වන්දි ගෙවීමට සිදුවන බවයි.
එසේම මෙම ගිවිසුම් අත්සන් කර ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගම, ආර් එම් පාක් පුද්ගලික සමාගම සහ සිනොපෙක් එනර්ජි ලංකා පුද්ගලික සමාගම සමග බව ජයකොඩි මහතා වැඩිදුරටත් පවසා ඇත.
එමෙන්ම අඳාළ ගිවිසුම් පිළිබඳව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නෛතික උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.