පේරාදෙණියේ කතක් මොට ආයුධයකින් පහරදී ඝාතනය කරයි..

Accident
By Aruna Oct 16, 2022 05:11 AM GMT
Aruna

Aruna

Report

පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ලෙස කාන්තාවක පෙරේදා (ඔක්.14) දිනයේදී මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඔක්තෝබර් 14 වන දා සවස 6.00ත් පසු දින උදෑසන 9.00ත් අතර කාලයේදී අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.

මරණකාරිය වයස අවුරුදු 65ක් වන යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මිය ගිය කාන්තාව නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර මරණය හිසට මොට ආයුධයකින් පහර දීමක් හේතුවෙන් සිදු වී ඇති බවට පොලිසිය සැක කරයි.

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මහනුවර මහේස්ත්‍රාත්වරයා සිදු කර ඇති අතර ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now