ඔෆිස් එකේ පෙම්වතියට වැලන්ටයින්දා තෑග්ගට රෝසමල එක්ක දරු දෙදෙනෙකුත් ලැබිලා

srilanka crime Gossip
By Sithumi Feb 19, 2022 02:47 PM GMT
Sithumi

Sithumi

Report

පෙම්වතුන්ගේ දිනයට තම අනියම් පෙම්වතියට දීමට ගත් තෑගි පාර්සලය බිරිඳට සහ දරුවන්ට හමුවීමෙන් අලි ජංජාලයකට මුහුණ දුන් සැමියෙකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තාවේ.

මැදිවියේ පසුවන මොහු නළුවෙකු හා කලාකරුවෙකු ලෙස සේවා ස්ථානය සහ පිටතදී මොහු කටයුතු කරන අතර රාජකාරියට වඩා කතාවට දක්ෂ පුද්ගලයෙකු ලෙසටද මොහු ප්‍රසිද්ධියක් උසුලයි. කාර්යාලයේම සේවය කරන තවත් කාන්තාවක් සමඟ පෙම් පළහිලව්වක පැටලී සිටින මොහු විවාහකයෙකු වන අතර පාසල් යන වයසේ දරුවෝද වෙති. 

   පෙම්වතුන්ගේ දිනයට පෙම්වතියට තෑගී දීමට විශාල ප්‍රමාණයේ චොකලට් එකක් සහ රෝස මලක් සහ කුඩා අත්ඔරලෝසුවක් මිලදී ගෙන අලංකාර ඇසුරුමක අසුරා තම ගමන් බෑගයේ සුරක්ෂිතව තබා ගෙන සිටියේය. සති අන්තයේ දරුමල්ලන් සමඟ නිවසේ කාලය ගත කළ අතර බිරිඳ ලියාදුන් බඩු ලැයිස්තුව රැගෙන ඒමට සෙනසුරාදා උදෑසන ඔහු සතිපොළට ගියේය. 

  දරුවන් දෙදෙනා තාත්තාගේ කාමරයට ගොස් සෙල්ලම් කරන අතරතුර වැඩිමහල් දරුවා තාත්තාගේ බෑගය වෙනදා මෙන් විවෘත කර බැලු‍‍වේය. එහිවූ ලස්සන පාර්සලයක් දුටු දරුවෝ දෙදෙනා එය ඔසවාගෙන අම්මා වෙත දිව ගියහ. දරුවන් ලඟ තිබුණු පාර්සලය දුටු කාන්තාව පුදුමයට පත්ව පාර්සලය විවෘත කර බැලූ අතර පාර්සලය තුළ තිබුණු දේවල් දුටු ඇය උන් හිටිතැන් අමතක විය. 

  කාන්තාවකගේ නමක් ලියා තිබූ ආදර වදන නිසා ඇයගේ හිසට යක්ෂයා ආරූඩ විය. චොකලට් එක දරුවන්ට කෑමට දුන්නාය. පොළට ගොස් පැමිණෙන විට බිරිඳ සහ දරුවන් නිවසේ පෙනෙන්නට නොසිටි අතර ගමන් මල්ලේ තිබුණු පාර්සලයේ කවරය පමණක් මේසය මත ඇති අයුරු ඔහු දුටුවේය. දරු දෙදෙනාද රැගෙන තම මහගෙදරට ගිය කාන්තාව සැමියා රැගෙනවිත් තිබූ තෑගිද රැගෙන ආදරවන්තයන්ගේ දිනයේදී ඔහුගේ කාර්යාලයට ගොස් ආදර වදනෙහි නම සඳහන් කාන්තාව සොයා රෝස මල සහ අත්ඔරලෝසුව තෑගි කළාය. 

රෝස මලට අමතරව දරුවන් දෙදෙනාද බාරගන්නා ලෙසට කාන්තාවට ලු‍‍ණු අඹුල් සහිතව ආමන්ත්‍රණය කිරීම නිසා පෙම් කතාවම කාර්යාලය පුරා පැතිර ගියේ ක්ෂණිකවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now