පෙට්‍රල් තබා ගත් කතක් 31 දක්වා අත්අඩංගුවට

Report

අනවසරයෙන් පෙට්‍රල් ලීටර් 48ක් තම නිවසේ රහසිගතව සඟවා තබාගෙන මුදලට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය වැඩබලන මහේස්ත්‍රාත් ජේ. එම්. විමලසේන මහතා අද (28) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නිකවැරටිය, හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ගිරිල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, සැකකාරියගේ නිවසේ සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 48ක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ රජයේ සේවකයන්ගේ විශාල හිඟයක් - ක්ෂේත්‍රයම ලොකු ගැටලුක

මේ රජයේ සේවකයන්ගේ විශාල හිඟයක් - ක්ෂේත්‍රයම ලොකු ගැටලුක

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාරියගේ සැමියා ද නිවසේ සිටි නමුත්, පොලිසිය දැක ඔහු පළා ගොස් ඇති බවයි. පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බැවින් සහ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බැවින් සැකකාරිය රිමාන්ඩ් බාරයේ තබන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 31 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ගිරිල්ල පොලිසියට නියෝග කළේය.

සුළු මොහොතකට පෙර කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර මාලාවක්

සුළු මොහොතකට පෙර කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර මාලාවක්