මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ඊයේ දිනයේ පමණක් 767 දෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දිවයින පුරා ක්‍රියාත්මක කරන වැටලීම්වල දී ඊයේ (27) දිනයේ පමණක් සැකකරුවන් 767 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
සැකකරුවන් තුන් දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කෙරුණා. 10 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා. ඊයේ (27) දිනයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
එමෙන්ම අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම්වල දී පුද්ගලයන් 27,646 දෙනෙකු ඊයේ (27) දිනයේ දී පරීක්ෂාවට ලක්කෙරුණා.
ඒ අතුරින් සැකපිට 645 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් ගණන 10 දෙනෙකු වනවා. වරෙන්තුකරුවන් 265 දෙනෙකු හා විවෘත වරෙන්තුකරුවන් 188 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.
බීමත් රියදුරන් 188 දෙනෙකු ඊයේ (27) දිනයේ දී පොලිසිය අත්අඩංගුවට ගත් අතර අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 70 දෙනෙකු ද වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4373 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.