විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු මාට්ටු

Report

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

32 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

ඒ අනුව ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රාජකාරියේ නිරත රේගු නිලධාරීන් දැක බියට පත් වූ සැකකරු, සිය ගමන් මලු අතහැර දමා පළා යාමට උත්සාහ කර ඇත.

මේ රජයේ සේවකයන්ගේ විශාල හිඟයක් - ක්ෂේත්‍රයම ලොකු ගැටලුක

මේ රජයේ සේවකයන්ගේ විශාල හිඟයක් - ක්ෂේත්‍රයම ලොකු ගැටලුක

එහිදී වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ඔහුව නවත්වා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ දුම්වැටි තොගය සොයා ගැනීමට හැකි වී තිබෙන බවට වාර්තාවේ.

සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි 20,200ක් අඩංගු දුම්වැටි කාටූන් 101ක් රේගු භාරයට ගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

මාර්තු මස ඉන්ධන සංශෝධනය ගැන දැනුම්දෙයි

මාර්තු මස ඉන්ධන සංශෝධනය ගැන දැනුම්දෙයි