කිරුළපනේ නිවසක් තුළ කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය කරයි.
ඊයේ (21) දහවල් කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනය කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ, නිවස තුළ තිබූ පවුම් 8 ක පමණ රන් භාණ්ඩ තොගයක්ද කොල්ලකා ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කමලා සින්නම්මා නමැති කාන්තාවක්.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
ඝාතනයට ලක් වූ වයෝවෘද්ධ කාන්තාව එම නිවසේ සැමියා , දියණිය සහ මිනිබිරිය සමඟ පදිංචිව සිටින අතර ඊයේ (21) පෙරවරු 6.30 ට පමණ දියණිය මිනිබිරිය පාසලට ඇරලවා රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
අනතුරුව පෙරවරු 10 පමණ සැමියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා මොරටුව ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ අතර ඝාතනයට ලක් වූ කාන්තාව පමණක් නිවසේ සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.