වැලිගමදී දරුණු අනතුරක් කාන්තාවක් මියයයි
වැලිගම, දෙනිපිටිය හන්දිය ප්‍රදේශයේ දී සිදුවූ වාහන අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.
පොලිසිය පවසන ආකාරයට වැලිගම දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වූ ලොරි රථයක් විරුද්ධ දෙසින් පැමිණි අතර යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදිකාරිය බරපතල තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මෙහිදී මියගොස් ඇත්තේ 33 හැවිරිදි දෙනිපිටිය, නිදංගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව වන අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ඇත.