2026 අවුරුද්දේ සාමාන්‍ය පෙළ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින මෙන්න
2026 වර්ෂයේදී පැවැත්වීමට සූදානම් විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරයි.
එම නිවේදනයට අනුව 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ 2026-02-17 සිට 2026-02-26 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-05 දක්වා පැවැත්වීමට නියමිත වේ. 2026, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026-08-09 පවත්වන බව තීරණය කර ඇත.
අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026-12-08 සිට 2026-12-17 දක්වා පැවැත්වෙන බවය.
