අත් කකුල් ඔලුව මොකුත්ම නැති මළසිරුරක් වෙරළ අයිනෙන්
මාරවිල පොලීසිය විසින් මාරවිල මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අද විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලීසිය වාර්තා කර ඇත්තේ මළ සිරුරේ හිස, දෙඅත් සහ කකුල් තිබී නොමැති අතර නිල් පැහැති කොට කලිසමක් සහිත ශරීරයේ එක් කොටසක් පමණක් ඉතිරිව තිබූ බවයි.
පොලීසිය සැක පළ කරන්නේ අදාළ මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් විය බවට වන අතර මාරවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මූලික පරීක්ෂණ සිදු කරයි.
අදාල සිද්ධිය පිලිබදව මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.