මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතික රැන්ඩි කොටුවෙලා
ඉන්දියානු ජාතිකයෙකු රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (13) උදේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔහු නැවත ඉන්දියාවේ මදුරෙයි යෑම සදහා ගුවන් තොටුපොළ පරිශ්‍රයේ රැඳී සිට ඇත.
එම අවස්ථාවේදී පුද්ගලයාගේ ගමන් මලු ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කර ඇති අතර සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වී ඇත.
"රැන්ඩි'' නැමති පොලිස් නිල සුනඛයා යොදවා ගමන් මල්ල ඉව කිරීමට සැලැස්වීමෙන් අනතුරුවයි.
එහි මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට හඳුනාගෙන ඇත. ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16ක් වශයෙන් සකස් කර ඇසුරුම් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 542 ක් සොයාගෙන ඇත. අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු සමග ඉදිරිපත් කිරීමට ඇත.