දේශපාලකයන්ව අපේක්ෂකයන් විදිහට පත් කරන්න කලින් එයාලගේ පෙර වැරදි හා ඉතිහාසය හොයලා බලන්න

Report

පසුගිය කාලයට සාපේක්‍ෂව දේශපාලකයින්ට එල්ල වන අල්ලස් දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා වැඩි වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන අපේක්‍ෂකයින්ට නාම යෝජනා ලබා දීමට පෙර මේ පිළිබඳ සොයා බලන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

ඔහු පවසන ආකාරයට,

"අල්ලස් දූෂණ ඒ වගේම මත්ද්‍රව්‍ය පිලිබදව විවිධ දේශපාලන කණ්ඩායම් වලට වරින් වර චෝදනා එල්ල වෙනවා.ජාතික දේශපාලන තලයේ දේශපාලකයන්ට වගේම දේශීය දේශපාලකයන්ටත් මෙ චෝදනා ඉතිහාසය පුරාවටම එල්ල වුණා.

අපි යෝජනා කරන්නෙ මේ රටේ පුරවැසියන් හැටියට මේ දේශපාලන නායකයන්ට නැත්නම් අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා දීමට පෙරාතුව මේ පිලිබදව සොයා බැලීමේ වැඩ පිලිවෙලක් සකස් කල යුතු වෙනවා.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

පළාත් පාලන වේවා පළාත් සභා වේවා පාර්ලිමේන්තු වේවා කුමන තලයක වුනත් නාම යෝජනා ලබා දිමේදී ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පෙර චර්‍යාවන් ඔවුන්ට විරුද්ධව ඇති නඩු මෙවැනි කාරණා පිලිබදව ඒ වගේම ඔවුන්ට මහජන නියෝජිතයන්ට හැටියට පත් කරන්න අවශ්‍ය සෙසු මූලික සුදුසුකම් මේවා පිලිබදව යම් සොයා බැලීමකින් තොරව අපේක්ෂකත්වය ලබා දීම හරහා තමයි මේ වගේ තත්ත්වය උදා වෙලා තියෙන්නෙ"

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව