එජාප 79වැනි සංවත්සරය ජාතික ව්‍යාපාරයක් ලෙස සියලු පක්ෂවලට ආරාධනා

Report

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙවර සංවත්සරය ජාතික ව්‍යාපාරයක් ලෙස සැමරීමට පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සංවත්සර සැමරුම ලබන සැප්තැම්බර් 20 වැනි සෙනසුරාදා පෙරවරු 9:00ට බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට තීරණය කර ඇත. එජාප සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල උළුවිටිකේ එජාප දිස්ත්‍රික් කාර්යාලයේ පැවති විශේෂ කොට්ඨාශ රැස්වීම් කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

2026 අවුරුද්දේ සාමාන්‍ය පෙළ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින මෙන්න

2026 අවුරුද්දේ සාමාන්‍ය පෙළ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින මෙන්න

අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම උත්සවය එජාපයේ ඓතිහාසික ගමන් මග සහ රට වෙනුවෙන් කළ සේවය සමරන අතරම, ශ්‍රී ලංකාවේ දේශපාලනික එකමුතුකම පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ලෙස සලකන බවයි. සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීම තුළින්, ජාතික සමගිය ඉදිරියට ගෙන යාමේ අරමුණක් ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මෙම සැමරුමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, දිස්ත්‍රික් නායකයන්, හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වීමට නියමිතය. 

මිද්දෙණියෙන් සොයා ගත් රසායනික ද්‍රව්‍යවල 'අයිස්' ඇති බවට තහවුරු වෙයි

මිද්දෙණියෙන් සොයා ගත් රසායනික ද්‍රව්‍යවල 'අයිස්' ඇති බවට තහවුරු වෙයි

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා