විදුලි සැර වැදී කාන්තාවක් මියයයි
By Kanchana
බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ විදුලි සැර වැදී කාන්තාවක් මියගොස් තිබේ.
පොලිස් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ විදුලි හීටරයක් ස්පර්ශ වී ඇය මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ කාන්තාවකි .
ඇය රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.