නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විදෙස් දුම්වැටි සමග කාන්තාවක් ගුවන්තොටේදී අත්අඩංගුවට...
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
විද්‍යුත් දුම්වැටි 262ක තොගයක් මෙරටට නීතිවිරෝධීව ගෙනවිත් කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් කරගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස්නව ලක්ෂ ඉක්වන බවත් අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවද කාර්යංශ නිලධාරීන් පැවසීය.

රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදුකළැයි වැඩබලන විදුහල්පතිවරයකුට අධිකරණය දුන් නියෝගය ..
මේ වන විට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන 07 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
You may like this video