අනෝජන් සිවරාසාට පූර්ණ නිදහස - සති දෙකක් ඇතුළත අනෝජන් ලංකාවට - සුභම සුභ ආරංචියක්

Report

සෞදි අරාබියේ චෝදනාවලට මුහුණ දෙමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා, ඔහුට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට නොගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය අභිචෝදක කාර්යාලය (Public Prosecution) ගත් තීරණයත් සමඟ නිදහස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

සිවරාසාට එරෙහිව පනවා තිබූ මරණ දණ්ඩනය මීට පෙර සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර තිබුණි. අද (11) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, අනෝජන්ට එරෙහිව සෞදි අධිකරණයක තවදුරටත් නඩුවක් නොමැති බවත්, ඔහු දැනට රැඳවුම් භාරයේ පසුවුවද සතියක් හෝ දෙකක් ඇතුළත ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

ඉදිරි පැය 24 දැඬි අවදානමක් - මේ ප්‍රදේශ කිහිපය දැන්ම අවදානමට සූදානම් වෙන්න

ඉදිරි පැය 24 දැඬි අවදානමක් - මේ ප්‍රදේශ කිහිපය දැන්ම අවදානමට සූදානම් වෙන්න

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයින් අද විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණි අතර, තම පුත්‍රයාගේ නිදහස ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා, අමාත්‍යාංශය සහ ඊට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන හා නිලධාරීන් දැක්වූ කැපවීම සහ දරන ලද උත්සාහය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න

ලබන 15 වැනිදා සිට මුළු දිවයිනටම බලපාන පරිදි අනතුරු ඇඟවීමක් - අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිසි මඟ පෙන්වීම, එතුමාගේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ උත්සාහය හේතුවෙන් අනෝජන්ගේ නිදහස ලබා ගැනීමට හැකි වූ බව අමාත්‍ය හේරත් මහතා පැවසීය.

එමෙන්ම, සෞදි අරාබි රජය සහ අධිකරණය, දෙරටේම රාජ්‍ය තාන්ත්‍රික ආයතන හා නිලධාරීන් මෙන්ම, මෙම කටයුත්තට සහාය වීම සඳහා සෞදි අරාබියට ගිය නීතිඥ කණ්ඩායම ඉටු කළ කාර්යභාරය ද අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය.

ෆේස්බුක් (Facebook) සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත, සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ අභියාචනාධිකරණයක් විසින් 2026 සැප්තැම්බර් 17 වන දින අනෝජන් සිවරාසාට මරණ දණ්ඩනය නියම කර තිබුණි.

ලාෆ් ගෑස් ප්‍රශ්ණය උඩුදුවයි - ලාෆ් සමාගම පාරිභෝගිකයන්ට ගෑස් සැපයීමට අපොහොසත් වීමේ නඩුවට වුන දේ මෙන්න

ලාෆ් ගෑස් ප්‍රශ්ණය උඩුදුවයි - ලාෆ් සමාගම පාරිභෝගිකයන්ට ගෑස් සැපයීමට අපොහොසත් වීමේ නඩුවට වුන දේ මෙන්න

රාජ්‍ය තාන්ත්‍රික සහ වෙනත් මැදිහත්වීම්වලින් අනතුරුව, 2026 ඔක්තෝබර් 14 වන දින සෞදි අධිකරණය විසින් එම මරණ දණ්ඩනය අවලංගු කරන ලදී.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව පැවති අනෙකුත් දඬුවම්වලින් ද ඔහුව නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක විය. මෙම අඛණ්ඩ උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස, නීතිමය ක්‍රියාදාමයන් තවදුරටත් ඉදිරියට නොගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය අභිචෝදක කාර්යාලය 2026 නොවැම්බර් 9 වන දින තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.