ඇමති විමල්ගේ Facebook ගිණුමට සිදුවූ දේ මෙන්න.

Sri Lanka Political Social media Wimal weerawansa Facebook account
By Aruna Feb 16, 2022 10:56 PM GMT
Aruna

Aruna

Report

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙකු ඇතුළු වී තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දින කිහිපයක සිට තමන්ට ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට නොහැකි ලෙස පැවති බව ය.

ගිණුමට ඇතුළු වූ පුද්ගලයා විසින් පෙබ. 16 දින භාවිතයට උත්සහ ගෙන ඇති බව ද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, එහි පාලනය නැවතත් තමන් වෙත ලබා ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery