වරෙන්තු නිකුත් වූ විමල් වීරවංශ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

Report

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවාදායකයා ගමන් කළ වාහනයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

ඒ අනුව, විමල් වීරවංශ මහතාට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා දැනුම් දුන්නේ අදාළ ඉල්ලීම හෙට (22) මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කරන ලෙසයි.

විමල් වීරවංශට වරෙන්තු

විමල් වීරවංශට වරෙන්තු