කන්ටේනර් ගැන අහන්න විමල් CID කැඳවයි
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව හෙට (09) දින පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ විමර්ශන ඒකකය විසින් ”ශ්‍රී ලංකා වරාය වෙත ආනයනය කරන ලද බහාලූම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකා රේගුව මඟින් නිදහස් කිරීම” සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඉහත ඒකකයට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ 2025.01.29 දින විමල් වීරවංශ මහතා විසින් ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු ප්‍රකාශ කර තිබීම බවද උක්ත කැඳවීම් ලිපියේ සඳහන්ය.
හෙට (09) පෙරවරු 9.00 වන විට විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඒකකය හමුවට ගොස් තම ප්‍රකාශය ලබාදීමට නියමිතය.