ප්‍රංශය සහ ඉතාලිය ටෙහෙරානය සමග සාකච්ඡා - හෝමුස් හරහා නෞකා ගමනාගමනයට අවසර ඉල්ලයි
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා ප්‍රංශය සහ ඉතාලිය ටෙහෙරානය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සාකච්ඡා මගින් තම රටවල නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා ගැනීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට ප්‍රංශය සහ ඉතාලිය උත්සාහ දරන බවත් වාර්තා වෙයි.
එමෙන්ම විදෙස් වාර්තා සඳහන් කරන්නේ, යුරෝපීය රටවල් මැදපෙරදිග රටවලින් තෙල් හා ගෑස් අපනයනය නැවත ආරම්භ කිරීමට සූදානම් වන අතර ඒ සම්බන්ධ සාකච්ඡා මේ වනවිටත් ප්‍රාථමික මට්ටමේ පවතින බවයි.
තවද හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා යුද නෞකා යොදාගැනීමේ සැලසුමක් සකස් කිරීමට ප්‍රංශය යුරෝපීය, ආසියානු සහ ගල්ෆ් අරාබි රටවල් සමඟද සාකච්ඡා පවත්වමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.